10 August 2015


ගුප්ත බලවේග පරාජය කරමු

එස්. අකුරුගොඩ

එකදහස් නමසිය පනස්හයේ සිදුකල සමාජ පෙරලියේ පුරෝගාමියා වුයේ හොරගොල්ලේ වලව්වේ එස්.ඩබිලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාය. ඉන් වසර තුන හමාරකට පසුව, එවන් අඟනා සේවයක් කළ එතුමා ඝාතනය කරවන ලද්දේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවක් යොදවා ගෙනය. එම ඝාතනය කුමන්ත්රණය කිරීමේ වරදට එවකට කැළණි වහාරාධිපතිවූ මාපිටිගම බුද්ධරක්කිත හිමිද හසුවිය. අද රට බෙදුම්වාදීන් ගෙන් මුදවා රට එක්සේසත් කළ නායකයා දේශපාලනමය ඝාතනයකට ලක්කිරීමට නූතන බුද්ධරක්කිතලා සහ සෝමාරාමලා යොදවා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

බණ්ඩාරනායක මහතා ගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් ජනතාවගේ ආරාධනයෙන් දේශපලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනතාවගේ අභිලාශයන් නොයෙකුත් බාදක මැද ඉටුකරමින් හොරගොල්ලේ වලව්ව තව තවත් ජාතික හදවතට oකළේය. එහෙත් අද හොරගොල්ලේ වලව්වෙන් ඇසෙනේ මොනවාද? මිස්ටර්ප්රභාකරන්ගේ අවතාරයේ හඞය. එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ ගුණවරුනය. ‘සිoහල බෞද්ධ ආධිපත්යයවිනාශ කළ යුතුය යන්නය.   මේ වෙනස සිදුකිරීමට හොරගොල්ලට ඇතුලුවූ හෝ ඇතුලුකළ අබෞද්ධ විජය කුමාරතුoගලා සහ අසිoහල සම්භවයක් ඇති කුමාර් රූපසිoහලා කිසියම් අයුරින් දායක වුනිද?
එදා ඉන්දු-oකා ගිවිසුමට එරෙහිව හඞ නැගීම නිසා .ජා.පය රජය මගින් නිවාස අඩස්සියට ගත් මාදුවේ සෝභිත හිමිඑවක් පටන් අප සැලකූවේ අපේ ජාතකත්වයේ මුර දේවතාවෙක් හැටියටයඑහෙත් අද කෝට්ටේ නාග විහාරයෙන් ඇසෙනේ මොනවාද? බලය බෙදීමය. අද සෝභිත හිමි එදා තමා නිවාස අඩස්සියට පත්කළ .ජා.පය සමග ගිවුසුම් ගහයි! මේ වෙනස සිදුකිරීමට නාගවිහාරයට ඇතුලවූ හෝ ඇතුලුකළ අබෞද්ධ  හා අසිoහල   රවි කරුණායකම්ලා සහ පරගැති හා බෙදුම්වාදී රජයේ නොවන ආයතන මගින් සැපයිය හැකියයි හැඟෙන  මුදල්, විදෙස් චාරිකා සහ වෙනත් සම්පත් කිසියම් අයුරින් දායක වුනිද?

ආරම්භයේ සිටම ජාතිකත්වය වෙනුවෙන් කටයුතුකළ ශ්රී oකා නිදහස්පක්ෂය, 1994 දී චන්ද්රිකා කුමාරතුo විසින්හයි-ජැක්කිරීමෙන් පසු, යාපනයට ඊනියා සාම ගමන් ගොස් කොටින්ගේ තුවක්කු වැළඳගෙන පෙන්වූ විජය කුමාරතුoගගේ oකොළොත් මහජන පක්ෂයේ  මඟ ගත්තේය. චන්ද්රිකා විසින් ගෙන ඊනියා බලය බෙදීමේ පිලල අද පක්ෂය තුල හොල්මන් කරයි.

මේ අතර උතුරු-නැගෙනහිර බෙදුම්වාදයට අමතරව නැගී එන තවත් අන්තවාද ගැන ජනතාව අවදි කළ oගොඩවිල සෝම හිමි සඳහටම නහඞ කළේ කෙසේද? සෝම හිමි ගේ අපවත් වීමෙන් හෝ අපවත් කිරීමෙන් පසු තැනට සිහළ උරුමය, පසුව හෙල උරුමය වි දැන්හෙල කරුමයවූයේ කෙසේද?

ඉන්දු-oකා ගිවිසුම හා 13 වෙනි ව්යවස්තා oශෝධනය එරෙහිව තරුණ ජීවිත දහස් ගනනක්  බිලිදී, රනිල්-ප්රභාකරන් ගිවුසුමට, චන්ද්රිකාගේ ඊනියා සුනාමි මණ්ඩලේට සහ පැකේජයට එරෙහිව 2008 තෙක් ජාතිකත්වය සමග පෙනිසිටි ජනතා විමුක්ති පෙරමුණ අද සිටින්නේ කොයිබද? අද ජා.වි.පෙ, එදා තම නායක රෝහණ විජේවීර අත්අඩන්ගුවේදිම පුලුස්සා මරාදැමූ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක්‌  බවට පත්ව ඇතැයි පවසනේ අන් කවරෙකු නොව සෝමවo අමරසිoහමය .

හෙල උරුමයේ සහ ජා.වි.පෙයේ වත්මන් නායකයින් අන්ත අවස්ථා වාදීන්වීම, ඔවුන් දැන් සිටිනා තැනට තල්ලු කිරීමට ගුප්ත හස්තයන්ට පහසුවී ඇත.   හොරගොල්ල, කෝට්ටේ නාග විහාරය, ජා.වි.පය හා හෙල උරුමය  පැහැදිලිවම දේශපාලන වශයෙන් අතරමන්වී ඇත. ඔවුන්ගේ දේශපාලනගමනක අවසානයවැඩි ඈතක නොවේ.

ගුප්ත බලවේග වල සැලසුම ජාතිකත්වය අඞපන කොට රට බෙදා අස්ථාවර කොට තමුන්ගේ දීර්ඝ කාලීන අරමුණු කරා යෑමය.  පසුගිය ජනවාරි 8 වෙනිදා මෙරට සිදුකළ ඊනියා වෙනස  පිටුපස  මේ ගුප්ත බලවේගයන් සිටින බව නම් ඉතාම පැහැදිලිය.  එම බලවේග හඳුනාගෙන ඔවුන්ගේ අරමුණු පරාජය කළයුතුමය.